Monday, 15 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Anurakumara Dissanayake speaks on Pension Issue - 23.01.2020

Anurakumara Dissanayake speaks on Pension Issue - 23.01.2020У вашего броузера проблема в совместимости с HTML5
ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප්‍රශ්නය - 2020.01.23 ආණ්ඩුව විසින් රජයේ සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිවීම්වලට අදාළ තීරණ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සහ නොසලකා හැරීම හේතුවෙන් රාජ්‍ය අංශයේ සේවයේ නියුතු හා විශ්‍රාමික සේවක සේවිකාවන්ට පැනනැගී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. රජයේ සේවයේ නියුතුව සිට 2016 වසරේ සිට 2019 දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූවන්ට හිමි විය යුතු වැටුප් වැඩිවීම් 2020 ජනවාරියේ සිට වැටුපට ගලපා ලබා දෙන බවට ආණ්ඩුව විසින් පසුගිය දෙසැම්බරයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. මේ අනුව තමන්ගේ ජීවිතය රජයේ සේවය වෙනුවෙන් කැප කළ විශ්‍රාමිකයින් සංශෝධිත නව වැටුප්වලට අනුව ජනවාරියේ සිට විශ්‍රාම වැටුප් ලැබෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් සිටියා. විශ්‍රාම ලැබීමේදීම මෙම වැටුප් ගැලපීම අදාළ වර්ෂවලට අනුව ලැබෙනු ඇති බවට ඔවුන්ට පොරොන්දුවක්ද ලැබී තිබුණා. කෙසේ නමුත් ඊයේ දිනයේ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් විශ්‍රාමිකයින්ට එම වැටුප් වැඩිවීම ලබාදීම අත්හිටුවා තිබෙනවා. ඒ නැවත වැටුප් සංශෝධනයක් සිදුවන තුරු එය අත්හිටුවන බව හේතුවක් ලෙස දක්වමිනුයි. නව සංශෝධනය යටතේ සිදුවිය යුතුව තිබුණේ මෙම කාලය තුළ විශ්‍රාම ලැබූවන් විසින් එතෙක් දීමනා ලෙස ලැබූ මුදල වැටුපට එකතු කිරීම හා ඒ අනුව විශ්‍රාම වැටුප ගණනය කරනු ලැබීමයි. එහෙත් නව අත්හිටුවීම සමඟ ඔවුන් ලබන විශ්‍රාම වැටුප හා විශ්‍රාමයට පෙර ලබමින් තිබූ සියලු දීමනා සහිත වැටුප අතර බරපතළ විෂමතාවයක් ඇති කරවනවා. මෙය අදාළ කාලය තුළ විශ්‍රාම ලැබූ රජයේ සේවකයින් 50,000 කට ආසන්න පිරිසකට හා ඔවුන්ගේ යැපෙන්නන්ට බලවත් අසාධාරණයක් සිදුකර තිබෙනවා. එසේම පසුගිය වසරේදී රනුග්ගේ කමිටු වාර්තාව මගින් රජයේ සේවයේ නියුතු සියලුම සේවක සේවිකාවන්ට අදාළව වැටුප් වැඩිකිරීමක් 2020 ජනවාරියේ සිට යෝජනා කර තිබුණා. ඒ සඳහා කැබිනට් අනුමැතියක්ද හිමිව තිබුණා. කෙසේ වුවද එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගෙන නොමැති බවට රජයේ සේවක සේවිකාවන් බලවත් කණස්සල්ලට පත්ව සිටිනවා. රජයේ විධායක ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ට හා නිලධාරිනියන්ට රු. 15,000ක දීමනාවක් ලබාදීමට පසුගිය දෙසැම්බරයේදී ආණ්ඩුව පොරොන්දු වුණා. ඒ සඳහා චක්‍රලේඛයක්ද නිකුත් වී තිබුණා. කෙසේ වුවද මෙම ජනවාරි මාසයේ මුලදී එම තීරණයද ආණ්ඩුව විසින් අත්හිටවනු ලැබුවා. මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා. 1. රජයේ විශ්‍රාමිකයින්ට 2020 ජනවාරියේ සිට ලබා දෙන බවට පොරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදීම අත්හිටුවනු ලැබුවේ ඇයි? 2. 2016-2019 අතර කාලයේ විශ්‍රාම ලැබූවන්ට මෙමගින් බලවත් අසාධාරණයක් වන බව පිළිගන්නේද? ආණ්ඩුව විසින් ඔවුනට ලබාදෙන සහනය කුමක්ද? 3. පසුගිය වසරේ කැබිනට් අනුමැතිය ලද රනුග්ගේ කමිටු වාර්තාව විසින් යෝජනා කළ වැටුප් වැඩිවීම ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? එම වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්ද? 4. රජයේ විධායක ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ට හා නිලධාරිනියන්ට රු. 15,000ක දීමනාවක් ගෙවීමට ගන්නා ලද තීරණය අත්හිටුවන ලද්දේ ඇයි? 5. රජයේ සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නේද? ඒ සඳහා වන කාල රාමුව කවරේද? අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී 2020.01.22
Теги: jvp

Мой аккаунт